මුස්තෆා මුස්තෆා Dont worry මුස්තෆා!


ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘර්ති අංශයේ සේවය කරන මිතුරකුගෙන් ඊයේ හවස(2010.01.15) මට ලැබුනු SMS එකක මෙසේ සදහන් වීය.
Visuals+Details of the SF's Betrayel Mission'...
Watch 7 pm ITN News!

ස්වාධීන රූපවාහිනියේ මාධ්‍ය සදාචාරය ගැන හොදින් දන්නා මා මොන මළ ජරාවක් හෝ බලා මිතුරාගේ SMS එකෙහි ගෞරවය රැකිය යුතු නොවේදෑයි සිතා රෑ 7 ප්‍රවෘත්ති බැලූ විට තේරුනේ කයිවාරු ගැසූවද විමල්ටද යමක් කරගත හැකි බවයි.
එම වීඩියෝව බලන්න


කතාව පැහැදිලිය.ජාතික නිදහස් පෙරමුනේ කබ්බෙකු සල්ලි දී බාගන්නට ගිය එක්සත් ජාතික සන්ධානයේ මයොන් මුස්තාපා ඇතුලු පිරිස වැඩේ නෝන්ඩි කරගෙන ඇත.ජෙනරාල්ගේ බෑනාගේ ආයුධ සමාගම ගැන කියමින් හෙම්බත් වී සිටි රාජ්‍ය මාධ්‍යයන්ට දැන් මැතිවරනය හමාරවන තුරු රස බලන්නට KFC Chicken කෑල්ලක් ලැබී ඇත.
වෙනත් මඩ මෙන් නොව බැලූ බල්මට මෙම කතාව ඇත්තක් බව තේරෙන අතර එක්සත් ජාතික සන්ධානය දක්ෂ නම් කලයුත්තේ සාක්ෂි සහිතව මෙය ප්‍රතික්ශේප කිරීමයි.
කෙසේ හෝ මේ කතාවෙන් අපට හිතන්නට බොහෝ දේ ඉතුරු කරයි.
අපේ චන්දයෙන් පාර්ලිමෙන්තු යන වුන් එහා මෙහා පනින්නේ සල්ලි වලට බව මේ මගින් අපට තහවරු කරගත හැකි වනු ඇත.
එය හුදෙක් එක්සත් ජාතික සන්ධානය පමනක් නොව නිදහස් සන්ධානය නොහොත් වත්මන් රජයද කරගෙන යන ක්‍රියාවකි.ඒ නිසා බඩු අහුවුනු අය මෙන්ම බඩු පෙන්වන අයද එක වල්ලේ පොල් බව සිතන්නට තරම් දැන් අප දේශපාලනික වශයෙන් පරිනත විය යුතුය.ජාතික නිදහස් පෙරමුන වැනි පක්ෂයක එම්. මුසම්මිල් වැනි කබ්බෙකුට UNPය කෝටි 300 දුන්නා නම් SB හා ජොන්ස්ටන් වැනි දක්ෂයන්ට ආන්ඩුව කොයි තරම් දේ දෙන්නට ඇත්ද?එහෙත් අවාසනාවකට එවැනි දේ සොයාගන්නට තරම් UNP ය දක්ශ නැත. අනෙක් අතට විමල් සමග එකතු වී කෝටි 300 එපා කියන එම්. මුසම්මිල් එසේ කරන්නේ ඇත්තටම අපට ආදරේ නිසාද?නොඑසේ නම් මේ වීර ක්‍රියාව වෙනුවෙන් එම්. මුසම්මිල්ට හා විමල්ට කෝටි කීයක් දෙන්නට ආන්ඩුව පොරොන්දු වූවදෑයි අප නොදනී.එම මුදල සොයාගැනීම වැනි හපන් කමක් කර මීට පිලිතුරු දෙන්නට unp ය ද දක්ෂ නෑත.එමෙන්ම මුන් සියලුදෙනා අපිව රවටන බව දැන දැන ද උන් සමග නිදි වදින්නට නොයා ස්වාධීනව ඉන්නට තරම් අප ද දක්ෂ නැත. අපිටත් නිතරම අවශ්‍ය මෙලෝ රහකට නැති නාගරික මන්ත්‍රීවරයෙකු වැනි එකෙක් වුවද කමක් නැතත් ඌ දේශපාලකයෙකු නම් උගේ රෙද්ද අස්සේ රින්ගන්නටය. ඕවා ගැන සිතා දුක් වනවාට වඩා මීට අවුරුදු කීපයකට කලින් තිරයට ආ කාදල් දේශම් චිත්‍රපටියේ මේ සින්දුව නැරඹීම අගේ බව මගේ හැගීමයි.මන්ද ගීතය ආරම්භ වන්නේ(ගීතයේ දමිළ වචන ගැන මට අදහසක් නැති අතර මා අදහස් කලේ ඉංග්‍රීසි වචන ගැනයි) පට්ටපල් මෝඩ වැඩක් කර සිටින එක්සත් ජාතික සන්ධානයේ මයොන් මුස්තාපා මන්ත්‍රීවරයාගේ හිත හදමින් නිසාය.
ඒ වීඩියෝවත් බලන්න

2 ප්‍රතිචාර:

Anonymous said...

Mukuth hithenne ne ban

said...

හරිනම් ඡන්දේ දාන අපිටත් ඔය ගන්න ගානෙන් කීයක් හරි දෙන්න ඕනේ අප්පා

Post a Comment