මල්ලි මම සෝමේ අයියා..

ජනවාරි 27 වනිදා උදා වී තිබුනි.

අලුයම තෙක් ආන්ඩුවේ රූපවාහිනියෙන් ජනාධිපතිවරනයේ ප්‍රතිපල නැරඹූ මා නින්දට ගියේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහනය තහවරැ කල අවසන් ආසනයේ ප්‍රතිපල සමාලෝචනය කිරීමෙන්ද අනතුරුවයි.ජයග්‍රහනයෙන් උදම් වූ ජාතික රූපවාහිනියේ මහින්ද විරෝධී කන්ඩායම සජීවි විකාශය මැදට පැන රූපවාහිනියේ එ‍තෙක් කල් පැවති ලකුන වූ සැලළහිනියා ගලවා හංසයා ස්ථාපිත කිරීම පිලිබදව කරමින් තිබූ බරපතල තර්ක විතර්ක මැද මට සැටියෙම නින්ද ගොස් තිබුනි.

එහෙත් දිගු වේලාවක් නින්දේ සැප අත් විදින්නට මට අවස්ථාව නොලැබුනි.අවේලාවේ පැමිනි කවුදෝ පෝරිසාදයෙකු අපේ දොර කඩන්නට තරම් හයියෙන් තඩිබාන්නට වූ හෙයින් මම උඩ විසි වී ගොස් අවදි වුනෙමි.එක වරම සැටියෙන් බිමට පැන ඉදගත් මා කඩා වැටුනු සරම උස්සා ගනිමින්ම " කවුද?" යැයි උස් හඩින් විමසුවෙමි.

මල්ලි මම සෝමේ අයියා..
කවුද?

මල්ලි මම සෝමේ අයියා..ඉක්මනට දොර අරින්න...

ජෙනරාල් වරයා ජනාධිපතිවරනය දිනා පැය දෙක තුනක් යන්නට මත්තෙන් ඔහුට සහාය දැක්වූ ප්‍රබලම පක්ෂයක නායකය වූ සෝමවංශ අමරසිංහට මෙ වෙලාවේ අපේ ගෙදර දොරට තඩි බෑමට වඩා වැදගත් වැඩ නොතිබේ දැයි කල්පනා කරමින්ම මම දොර අරියෙමි.

හත් ඉලව්වයි...

මට ඉබේටම කියවිනි.
ළමයින් යොදා චිත්‍රපටි හදන සෝමරත්න දිසානායක මලානික වූ මුහුනකින් යුතුව ගෙට ගොඩ වී මා නිදා සිටි සැටිය උඩ වාඩි වී සුසුමක් හෙලීය.කුරහන් පාට පසුබිමක ලා නිල් පාට මල් වැටුනු නයිටියක් හැදගෙන සිටි රේනු අක්කාද සෝමෙ අයියා අනුව යමින් සැටිය අසල වූ පොඩි බංකුවේ ඉදගත්තාය.

ඔහුට කතාව ආරම්භ කරන්නට මම හූ මිටි තැබූවෙමි.
කවුද හිතුවෙ පැන්ෂන් ගිය හාදයා දිනයි කියල....


විද්වත් කලාකරුවන්ගේ එකමුතුවෙදි "ඔව් අපි මහින්දට කඩේ යනවා" යැයි
නිර්භීතව පැවසූ ඒ අභීත කලා කරුවා බායාදු ලෙසින් පවසන විට රේනු අක්කාගේ ඉකි බිදුම කෙමෙන් වැඩි වීය.

අපි හිතන් ඉන්නෙ රට දාලා යන්න..

මේ වෙලවේ පැනල යන එක මෝඩ වැඩක්..
මිනිස්සු වුනාම ප්‍රශ්න වලට මූන දෙන්න නේ....

මම ඔවුන් දෙපලට යෝජනා කලෙමි.

මූන දෙන්න පුලුවන් විදිහටද අපි හැසිරුනේ..

ඔහු පෙරලා මගෙන් ප්‍රශ්න කලේ මා නිරුත්තර කරමිනි.මට එවේලේ හිතුනේ සෝමරත්න දිසානායක මෙන් මේ රටේ අනෙකුත් කලාකරුවන්ද සිතුවහොත් ලංකාවේ කලාවට සිදුවන නස්පැත්තියයි.අරලිය ගහ මන්දිරයේ භෝජන සංග්‍රහවලින් අනතුරුව සංවේදි නායකයාට චන්දය දෙන ලෙස ඉල්ලා සිටි කලාකරුවන් සියලු දෙනාම මෙලෙස රට අත හැර යන්නට තීරනය කලහොත් ලංකාවේ කලාව පෝෂණය කරන්නට ඉතිරිවන්නේ රන්ජන් රාමනායක හා උපෙක්ශා ස්වර්නමාලි (පබා) පමනි.එවැනි විනාශයක් සිදුවන්නට දී බලාගෙන සිටීම යුක්ති සහගත නොවේ.ටික වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව සෝමේ අයියාගේ කරට අත දමා ඔහු පසෙකට කැදවාගෙන ගිය මම ඔහුට අපූරෑ යෝජනාවක් කලෙමි.

එය පවසා ඔහුගේ කන ලගින් කට ගන්නටවත් මට අවස්තාවක් නොලැබුනි.ප්‍රීතියෙන් අත්පුඩියක් ගැසූ ඔහු රේනු අක්කා ලගට ගොස් ඇයටද මේ රහස කියන විට සතුටින් ඉපිලුන ඇයගේ තර කම්මමුල් නටන හැටි සිත්සේ බලාගන්නට පවා මට අවස්තාව අහිමි කරමින්ම බාගෙට ඇර දමා තිබූ දොරෙන් හිස බූ ගා ගත් පුද්ගලයෙක් අතුලු වීය.

"කෝ කොන්ඩය යැයි...." මා අසන්නට පෙර ඉක්මන් වූ සෝමේ අයියා "කෝ කැප් එක යැයි" ජැක්සන් ගෙන් විමසීය.

"කැප් එක නෙමේ..ඔලුව වත් බේරගන්න බැරුයි මම ඉන්නේ..අම්මපා ඔහේලට ගානක්වත් නැති හැටි..." යනුවෙන් ගෝරනාඩු කරන විට මට මතක් වූයේ සූරිය අරනේ වෑද්දායි.

ඒ අල්ල පනල්ලේ මා සෝමේ අයියාට කලාක් මෙන් රේනු අක්කා ජැක්සන්ද පසෙකට රැගෙන ගියාය.විනාඩි කිහිපයක කුටු කුටුවකින් අනතුරුව ජයග්‍රාහි ලීලාවකින් පැමින මගේ බඩට තට්ටුවක් දැමූ ජැක්සන් අයියා මෙවැනි ජන මූල සමාජ ක්‍රමයක මා වැනි අංකුර මාධ්‍යවෙදින්ට පහලවන අදහස් විශ්ලේෂනාත්මකව ඇගයීමට මේ රටේ වේදිකාවක් තැනිය යුතු බව කියමින් මා අගයකරන ලදි.
ඒ වන විට මා මේ තිදෙන මැද වීරයෙකු වී තිබිනි.රේනු අක්කා කුස්සියට ගොස් තේ පිලියෙල කරමින් සිටි අතර ජැක්සන් දුරකතනයෙන් කිහිප දෙනකු අමතමින් අපේ ගෙදරට එන පාර කියමින් සිටියේය.ඉන් පැය කීපයකින් අනතුරුව අපේ නිවස තරු වලින් ඒකාලෝකමත් වීය.

නලු නිලියන් මෙන්ම ගායකයන්ද මෝස්තර නිරෑපන ශිල්පිනියන්ද තැන් තැන් වල සිනහ මුසු මුනුනින් කුටු කුටු ගාමින් සිටි අතර බොහොමයක් දෙනා මා දෙසට ඇගිල්ල දිගු කරමින් ගෞරවාන්විතව බලන බව සරත් ෆොන්සේකා ජාතිය අමතන අයුරු රූපවාහිනියෙන් බලා සිටි මට නොපෙනුනා නොවේ.මේ අතර ආශා බෝස්ලේටත් මේ වැදගත් රහස කිවයුතු නොවේදෑයි B&S ප්‍රශ්න කරද්දී රවීන්ද්‍ර රන්දෙනිය කියා සිටියේ ඇය අහම්බෙන් පැමින ජනාධිපති මන්දිරයේ චුරාලියා ගීතය ගායනා කල පමනින්ම ඇයට අවස්ථාවක් දෙනවාට වඩා"තාරුන්‍යයට හෙටක්" දැන්වීම් මාලාවට පෙනී සිටි ආරාධනා කරන්නට අමතක වූ අය සිටි දැයි සේනක විජේසිංහගෙන් තහවරු කරගන්නා ලෙසයි.

තැනින් තැන ඔල්වරසන් දෙමින් ප්‍රීති ඝෝෂා නංවන තරු පිරිවර තමන්ට සුපුරුදු වල්පල් දොඩවන අතරම සිය අනාගත සෑලසුම් පිලිබදවද කතා කරනු මට අැසුනේ ප්‍රවීන රංගන ශිල්පී ජෝ අබේවික්‍රම මහතාට වැසිකිලිය පෙන්වන්නට ගේ මැදින් යන විටයි.

ඒකේ නම සරා කියල දාන්න තමයි මගෙ කල්පනාව....
ඒකත් අබා වගේම දැවන්ත නිෂ්පාදනයක් වේවි....
සිය තුනටිය අත ගාමින් ජැක්සන් ශ්‍රියන්ත මෙන්ඩිස්ට පවසනු මට පෙනුනි.

මම රාජිතගෙන අහලා "හංසයන්ටත් මං ආසයි" නව නිෂ්පාදනය කරනවා....
ඒකත් දැවැන්ත විප්ලවයක් වේවි....
ඩග්ලස් සිරිවර්ධන යෝජනා කලේය.

මම ඒ අතින් බලනකොට දුර දිග බලලා වැඩ කරපු මිනිහෙක්....

කොහෙදෝ සිට පැමිනි සෝමරත්න දිසානායක පැවසීය.බොහෝ දෙනා ඒ ඇයිදැයි අසන්නට මෙන් ඔහු දෙස බලද්දී ඔහු කියා සිටියේ ජනාධිපතිවරනය ඔන්න මෙන්න කියා තිබියදී අලි පැටියෙකු යොදාගනිමින් බින්දු වැනි චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීම හරහා තමා ශ්‍රී ලාංකීය සමාජයට දුන් පනිවිඩය බොහෝ දෙනෙකුට Click නොවූ බවයි.සමාජයේ පිරිහෙමින් තිබූ අලියාගේ ප්‍රතිරූපයට වටිනා කමක් දෙන්නට තමා පෙර සිටම කටයුතු කලා නොවේදෑයි පෑවසූ ඔහු මෙවරද ව්‍යාපෘතියේ නායක කම ඔහුට ලැබෙන බවට ටක්කෙටම ව්ශ්වාස යයිද පැවසීය.

කාලය තවත් පැය තුන හතරක් දක්වා ගෙවී යන විට හදිසියේ පැමිනි ඇමතුමකින් සියල්ලන්ම කලබල වන විට මා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ රන්ජන් රාමනායක මෙහෙයවන තුලාව විශේෂ වැඩසටහන නරඹමිනි.නිරවද්‍ය අපක්ෂපාති මාධ්‍ය පිලිවෙතක නියලෙන ස්වාධීන රූපවාහිනියේ ස්වාධීන පිළිවෙතට මා වඩාත් ඇලුම් කලේ සුධර්මන් රදලියගොඩ නිසා නොවේදෑයි එක් විටම මට සිතුනි.

දඩාස් ගා පුටුවෙන් නැගිටි මා "අනේ සුධර්මන්ට මොනව වෙලාද දන්නෙ නෑ " යැයි අසන විට මාලනි අක්කා කලින් පැමිනි හදිසි දුරකතන ඇමතුමේ විස්තර දෙන්නට මා අසලටම පැමින සිටියාය.

"සුධර්මන් ලා ඉක්මන් වැඩියි...චමුදිතයි,සුධර්මනුයි,සංජීව එදිරිමාන්නයි වෙන්නප්පුවෙන් බෝට්ටුවක නැගලා ඉතාලියට පනින්න..මේ දැන් කෝල් එකක් දීලා කිව්වා එයලා දැන් සෝමාලියාවේ දේශසීමාවට ආවා කියලා.." ඇය පැවසුවාය.

"අපරාදනේ...එයාලත් තීරනයක් ගන්න කලින් අපි වගේ මේ මල්ලිව මුනගැහෙන්න ආව නම් ඔය කරදර මොකවත් නෑනේ " යැයි පෑවසූ විජය නන්දසිරි කීවේ පුංචි පහේ හපනෙක් තරම්වත් ඔවුන් දක්ෂ නොවන බව මෙයින්ම පැහදිලි වන බවයි.

මේ අතරතුර දූවිලි අවුස්සමින් ට්‍රේල් බයිසිකලයක අනුෂා දමයන්තිද කැටුව පැමිනි පින් පොන් මා අලුතෙන් ගෙනා රෝස පැලයක් සිටවූ මල් පෝච්චියට කකුල තබා ට්‍රේලය නවතා ඉන් පැන කලබලයෙන් පැමිනියේය.

"දිල් තෝ පාගල් හේ ද? " මෙච්චර විනාසයක් වෙලා තියෙද්දිත් හිනා වෙවි පිස්සු කෙලින්නේ..?මහින්දට කඩේ යන්න පටන් ගන්න කොටම මම කිව්වනෙ වැඩේ වෙන බව..සරත් කුලාංගට වෙච්ච වැඩේ අනික් එක අපිට වෙන්නේ...ආන්ඩුවේ මාධ්‍යකට ඔලුව දානව බොරු මීට පස්සෙ..."

වේගයෙන් කෑ ගැසූ පින් පොන් ලගට පැමිනි සෝමෙ අයියා තමාගේ චිත්‍රපටිවල සිටින ළමයෙකු සුරතල් කරන්නාක් මෙන් පින් පොන්ගේ නිකටෙන් අල්ලා සොලවා මෙසේ පැවසීය.

මල්ලි අපි කලා කාරයෝ..අපේ රස්සාව තමයි රගපාන එක...මහින්දට කඩේ ගිය එක ඔයා රගපෑව එක චරිතයක් කියල හිතා ගන්නකෝ..අපි සෙට් එකම දැන් ලැහැස්තිවෙලා ඉන්නේ සරත් ෆොන්සේකාට කඩේ යන්න..මොනව වුනත් අපේ රස්සාව රගපාන එකනෙ ..ඇන්දෙන එක මිනිස්සුන්ගෙ මෝඩකම..ඒකට අපිට කරන්න දෙයක් නෑ බොලේ" යැයි පවසමින් පින් පොන් අතුලු පමාවී අපෙ නිවසට ගොඩ වැදුනු කලාකරුවන්ට අවධාරනය කර සිටියේ මෙවැනි ශ්‍රේෂ්ඨ අදහසක් ලබා දුන් මා හට කෘතඥ වන ලෙසයි.



1 ප්‍රතිචාර:

Anonymous said...

According to this majority of the people in this country have to leave SL by 27th! ane palayan yako yanna. balagena indapan 27 wenidata mokada wenne kiyala. paare thote ewidina oona ekekuta therenawa mahinda dinana waga. unp kaarayowath kiyanne ne mahinda paradinawa kiyala. gon katha kiyanna epa yako

Post a Comment