සින්දු සින්දු චන්ද සින්දු

ජනාධිපතිවරනය නිසා දෙපිලකට බෙදුනු මේ රටේ කලා කරුවන් වේදිකාවට නැග පෙලහර පෑම දැන් දැන් Out of Fashion වී ඇත. ඒ වෙනුවට දැන් ඔවුන් සරසවිය තමුන්ට දුන් වරමින් ප්‍රතිවාදීන්ට පහරදෙමින් සිටී.
ඒ අනුව සහේලි ගමගේ ගායනා කල "මහරජාණනනී..." ගීතයේ නව පද වැලක් සහ නව රූප පටයක් සමග කල එලි බැස ඇති අතර මාමා සහ බෑනා ලෙස ප්‍රකට රෝහන බැද්දගේ සහ බන්දුල විජේවීර ද නව ගීත දෙකක් නිකුත් කර ඇත.මේ එම ගීත කිහිපයයි...


මහරජාණනී - New version

ආයුබෝවේවා මහරජාණනී...
සිව් සිව් වරම් දුන් විවරනින්- සොහොයුරු කැලක් පහලව ඇතේ....
ඒ සොහොයුරන්- පෑ පෙලහරින් මේ දෙරන ජන මන් මත් කලේ...
මේ දෙරන ජන මන් මත් කලේ...
ආයුබෝවේවා මහරජාණනී...
යාපා පටුන වමතින් අල්ලා - දෙවුන්දර සුරතින්
බිලිදු මුවගට තොත්තු බෙදමින් - ලබපු බල මහිමෙන්...
දෙස් විදෙස් බවභෝග රැස් කල
මහරජාණනනී.....




ඉඩි අමින්

මේ කොහෙද ගියෙ?
උගන්ඩාවෙ ගියා ඉඩි අමින් බලන්න....?
මොනවා... ඒකා දෑන් මෑරිලා නේ...
නෑ අවතාරේ එනවා.. අවතාරේ එනවා..
මොකක් කිව්වා ඉඩි අමින්ගෙ අවතාරේ
රටවල් කන්නට ලෝකයේ යකුන් එනවා සෑරින් සෑරේ
අහලා නෑත්ද උගන්ඩවේ ඉඩි අමින්ගේ කතන්දරේ...
ඉඩි අමින්ගේ කතන්දරේ?
ලංකාවෙත් එහෙම වෙයිද?



මාමයි බෑනයි - Mahinda version

අතිගරු ජනපතිදුට බුද්දං සරනේ සරනයි
අතිගරු ජනපතිදුට ධම්මං සරනේ සරනයි
අතිගරු ජනපතිදුට සංගං සරනේ සරනයි
අපේ උතුම් සිරිලකටම - මේ තුන් සරනේ සරනයි...
බෑනන්ඩියේ පච හලනවා කොහෙද හිටිය හොර නඩයක්
මාමන්ඩියේ ඒ හින්දයි ආවේ මං තකහනියක්....












2 ප්‍රතිචාර:

මම said...

මේ වීඩියෝ ටික යූ ටියුබ් දැම්ම නම් මොකෝ?

NewsMaster said...

සතුතියි යෝජනාවට..මම ඒක කලා..මෙන්න URL එක..
http://www.youtube.com/watch?v=L40GfZRhayI

Post a Comment