දෙරණ කැමරාව


ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කාර්යාලයෙදි දෙරණ නාලිකාවේ මාධ්‍යවේදියෙකු වූ වෙනුර කනිෂ්කගේ කැමරාවේ ඇතුලත් වීඩ්යෝ පටය පරීක්ෂා කිරීමට ජෙනරාල්වරයගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත.ඊට හේතු වී ඇත්තේ අනෙකුත් මාධ්‍යවේදීන් සමග කාර්යාලයට ඇතුල් වූ මොහු රූපගත කර්මින් සිටි දර්ශන පිලිබදව ඇති වූ සැකයකි.පසුව කරන ලද පරීක්ෂා කිරීමේදී ජෙනරාල් වරයාගේ ආරක්ෂාවට හා අදාලවන දර්ශන රැසක් මෙම වීඩියෝ පටය තුල තිබී ඇති අතර පසුව ඔවුන් විසින් දෙරණ කලමනාකාරීත්වයට මේ බව දන්වා ඇත.එහිදී කරුනු දැක්වූ එහි ප්‍රවෘර්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ පවස ඇත්තේ තමා මේ පිලිබදව කිසිත් නොදන්නා බවකි.
එහෙත් අදාල මාධ්‍යවේදියාට ඉහත කී දර්ශන රූපගත කරන ලෙස උපදෙස් දී ඇත්තේ ෂෙහාන් බරණගේ විසින් බව දෙරණ ප්‍රවෘර්ති අංශයේ බොහෝ දෙනා පවසති.
කෙසේ වුවද මේ පිලිබද වාර්තා කල ඇතම් වෙබ් අඩවි ප්‍රකාශ කර තිබුනේ ජෙනරාල්වරයාගේ ආරක්ෂාව සම්බන්ධ තොරතුරු ලබාදීම වෙනුවෙන් දෙරණ ප්‍රවෘර්ති අධ්‍යක්ෂවරයා රුපියල් මිලියනයක් ලබාගෙන ඇති බවයි.


1 ප්‍රතිචාර:

Anonymous said...

Derana yanu Rupawahini/ITN nalikawala sahodarayek. Baranage kiyanne surathal gottek. Nuthana kaale pissek.

Post a Comment