ජැක්සන්ගේ ගීතය






වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානනි
අවසර නුබ පිලිගනන්ට කීකරු මේ බලුකුක්කට
කලකට පෙර මියදුනාට හතර රියනේ වැලලුනාට
නුබේ උත්තම රාජකීය උනුසුම මට දැනෙයි තාම

නුබේ සපත්තුව වැලද බදා
නුබේ සබුක්කුවෙ පහර කකා
රජ කල මනරම් සොදුරු දිවිය ඒ
දෙවියනි මූ අද කරති නිගා...

ඉරක් උදාවන්නේ කුමටා
අදුරතමා මට පරම සැපා
ඒ ගන අදුරේ කිරුල දරන්නට
උතුමානනි අද වඩිනු සොදා...

ජෙනරාල් වැලන්ටයින් උතුමානනි, මම ඔබේ කීකරෑ බලු කුක්කා....පැබ්ලෝ.....


මේ මීට කලකට පෙර රග දෑක්වූ ඊ.එම්.ඩී උපාලිගේ "මෙතනින් මාරෑ වෙනු" නම් වෙදිකා නාට්‍යයේ එන ගීතයකි.ගීතය ගායනා කරමින් රගපාන්නේ ජැක්සන් ඇන්තනීය.රංගනයෙන් සහය වන්නේ ජැක්සන්ගේම සොහොයුරා වන සේනක ටයිටස්ය.

මෙම ගීතය ඇසුරෙන් පහත සදහන් සරල ගැටලුවලට පිලිතුරු සපයන්න
01 මෙහි පැබ්ලෝ නම් චරිතය රගපාන නලුවා
දැන් රගන චරිතය කුමක්ද
02 කිහිලිකරුවේ සිටින්නේ කවුද?
03 බිත්තියේ එල්ලා තිබෙන රාමු කරන ලදපින්තූරයේ
සිටින්නේ කවුද? 04 මෙම පදවල තේරුම ඔබේ වචනයෙන් ලියන්න
නුබේ සපත්තුව වෑලද බදා
නුබේ සබුක්කුවෙ පහර කකා
රජ කල මනරම් සොදුරු දිවිය ඒ
දෙවියනි මූ අද කරති නිගා...

05 උතුමානනි, මම ඔබේ කීකරු බලු කුක්කා යන යෙදුමේ දී අදහස් කරන උතුමා කවුද?
06 මෙම ගීතය හා 2010 ජනාධිපතිවරනය අතර සම්බන්ධතාවක් තිබේ යැයි
ඔබ විශ්වාස කරනවාද?පහදන්න..

(ඔබේ පිලිතුරු ජනතාව දැනගන්නවාට කෑමති නම් පිළිතුරැ සැපයීමට පහතින් සදහන් ප්‍රතිචාර යන කොටස භාවිතා කරන්න)

1 ප්‍රතිචාර:

said...

මේක හරියට සාපෙ සිංහල ප්‍රශ්න පත්තරේ වගේ නේ. හැබෑට ඉස්සරහට මෙහෙම එකක් එයිද දන්නේ නැහැ

Post a Comment