ස්වර්නවාහිනියේ මෑතකාලීනව ඉතාමත් ජනප්‍රිය වූ වෑඩසටනහක් වූයේ Comedy Starය.එමෙන්ම ඇන්ඩ් කොම්පෑනිය ද ස්වර්නවාහිනිය විකාශය කල ජනප්‍රිය විකට වැඩසටනක් වූ අතර එහි තේමාව වූයේ වත්මන් දේශපාලනයයි.මෙම වැඩසටහන් දෙකෙහිම හාස්‍ය අපූරුවට ගැබ් වී ඇති නිසා එවා රටේ බහුතර ප්‍රේක්ෂකයන් අතර ඉක්මනින් ජනප්‍රිය වීය.එහෙත් ස්වර්නවාහිනියෙන් විකාශය කරනර රතු ඉර නම් වූ දේශපාලනික සාකච්චාමය වැඩසටහන ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූයේ ඒ මගින් ගැඹුරු දේශපාලන සාකච්චාවකට අවතීර්න වන්නට මග පෑදුනු නිසය.එහෙත් මේ වන විට වඩා වැඩිපුර Market විහිලු බව අත්දැකීමෙන්ම දන්නා ස්වර්නවාහිනිය මෙම රතු ඉර නම් වූ දේශපාලන වැඩසටනද හාස්‍යමය රාමුවක් තුල ඉදිරිපත් කිරීමට ආරම්භ කර ඇත්දැයි සැකයක් ඇතිවූයේ පසුගිය සිකුරදා(2010.01.08) රාත්‍රී 10 ට විකාශය වූ රතු ඉර බැලු විටයි. කලක් සිරසTV විකාශය කල කතුර නම් වූ හාස්‍යයමය දේශපාලන සාකච්චාවට සමාන මෙම නව රතු ඉර නැරඹු ප්‍රේක්ෂකයන්ගේ රතු ඉර පැන්නේය.ඒ ස්වර්නවාහිනිය තමුන් බරපතල ලෙස ගොනාට ඇන්දූ බව අවබෝධ වූ විටයි.mailto:Live@8 වාර්තා කලේ මෙසේය
පලමුවෙන් කිවයුත්තේ නොදැනුවත්ව හෝ හිතාමතාම ස්වරනවාහිනිය මෙම වැඩසටහන්හි සම්බන්ධීකරන කටයුතු නිසියකාරව නොකර ඇති බවයි.සාකච්චාවට දෙදෙනෙක් එන බව තමා නොදන්නා බව දයාසිරි කියද්දි ආන්ඩුවෙන් දෙදෙනෙක් එන බව තමුන් කී බව විමල් කීවේය.මේ දෙන්නාම කී කතා දෙපාර්ශවය අතර හරි හැටි සන්නිවේදනය නොකල ස්වර්නවාහිනිෙය් රතු ඉර දයාසිරිගේ ඇගට Live@8 මගින් වරද පටවයි.(වීඩියෝ පටයේ 03.51 වැනි තප්පරය) එහෙත් ඊට කලින් විකාශය කල එම හඩපටයේදීම ඔහු පුන පුනා කියන්නේ තමන් වාද කරන්නේ තනියම බවයි.(වීඩියෝ පටයේ 01.58 වැනි තප්පරය)
අනෙක් කාරනය වන්නේ දයාසිරි තනියම පැමිනෙන බව ප්‍රකාශ කල බව නිවේදකයා පිලිගනී.එසේ නම් දයාසිරිගේ පැත්තේ තවත් හිස් පුටුවක් තබා වැඩසටහන ආරම්භයේදීම එහි සමීප රූපයක් පෙන්වන්නේ අප පුටුවක් වත් දැක නැති බව ස්වර්නවාහිනියේ ලොකු පුටුවල ඉන්නා උදවිය සිතූ නිසාවත්ද?
දෙපාර්ශ්වය වාද කරගන්නේ කෙසේද යන්න ගැන දිගින් දිගටම තර්ක කරද්දී අපේ කාලය නාස්ති නොකර වැඩේ සමථකයට පත් කර වැඩසටහන නිම නොකරමින් එකම කතා ටික හෝද හෝදා මඩේ දමමින් රෑ 12 වනතුරුම කල්මෑරුවේ ඒ වෙලාවට ඉහල මිලකට දෑන්වීම් විකුනා තිබූ නිසාවත්ද?
අනෙක් අතට විමල්ට හා රාජිතට වාදය කරගන්න්ට දී රාජිතට ස්වේච්චාවෙන් නැගිටින්නට තිබුනි.ඔහු එසේ කලේ ද නැත.
සියල්ල අවසානයේ අපට දැනුනේ ස්වර්නවාහිනියේ මීට මාස කීපයකට පෙර විකාශය කල Loving star බලන විට ඇති වන"මුන් කරන ගොන් වැඩ වැනි " හැගීමකි.


3 ප්‍රතිචාර:
මෙම වැඩ සටහන නැරඹූ මට පෙනී ගියේ, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් නිදහස්ව තම වැඩ සටහන් ඉදිරිපත් කිරීමට තවමත් නුපුරුදු බවක් පෙන්වන බවයි. ඔවුන් රාජ්‍ය පාර්ශවයට භය පක්ෂපාතී බවක් එලිපිටම පෙන්වීම නිදහස් මාධ්‍යයක් දියුණුවීමට බාධවක් බව පෙනීයයි.
wimal kiwwe eya thaniyama enawa kiyalane.programme eka patan gannakan apit denagena hitiye na dennek enawa kiyala.ai programme eka karana manussayata bari ekkenekta yanna kiyala kiyanna.
Dayasiri prooved tht general is a thief! weldone wimal!
Post a Comment