පබාටත් බබා හම්බුවෙයිද?

උපෙක්ෂා ස්වර්නමාලි ගෑන මේ දිනවල උනුසුම් කතාබහක් ඇති වෙමින් පවතී.ඒ ඇය පබා ටෙලි නාට්‍යයයේ රගපාන චරිතය නිසා නම් නොව ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දීමට ප්‍රසිද්ධියේම ඇය ඉදිරිපත් වීම මෙන්ම ජෙනරාල් වරයාගේ වේදිකාවට නගින්නට තරම් ඇය නිර්භීත ද වූ නිසාය.ආන්ඩුවට සහය දෙන කලාකරුවන්ට වරප්‍රසාද ලැබෙන මට්ටමකදී ජෙනරාල්ට සහය දෙන අයට ලැබෙන ප්‍රතිපලය ගෑන අමුතුවෙන් කිව යුතු නොවේ.එක්සත් ජාතික පක්ෂයට සහය දෙන සරත් කුලාංගට රජයේ මාධ්‍ය වාරනය වීම ඊට කදිම උදහරනයකි.ලබ්බ්ට තෑබූ අත පුහුලට නොතියා ඉන්නට විදිහක් නෑත.ඒ නිසාට පබාටත් බබා හම්බුවිය හෑකි බවට බොහෝ දෙනා අනතුරු අගවති.ඒ අනුව උපේක්ශාට තව දුරටත් රජයට අයත් ස්වාධීන රෑපවාහිනියේ ජනප්‍රිය චරිතය වීමට ඉඩ නැති බවට මේ දිනවල මාධය ලෝකයේ කටකතා ගනනාවක් පෑතිරී ඇත.

ඉන් එකක් වන්නේ ජෙනරාල්වරයාට සහය දීමට පටන් ගෑනීමෙන් පසු පබා නාට්‍යයේ කතාව වෙනස් කරන්නට උපදෙස් ලෑබී ඇති බවයි.ඒ අනුව ඉදිරි සති කීපය ඈතුලත පබා අතුරුදන් වේ.(ලිපිය ලියන මොහොත වන විට විකාශය වූ කොටස් අනුව පබා ගෙදරින් තරහ වී ගොස් ඇත)
නැතහොත් පබා අනතුරකට ලක් වී හෝ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වී රෝහල් ගත කරන්නට සිදුවේ.ඉන්පසු ඇයට ප්ලාස්ටික් සැත්කමක් සිදු කරයි.ඉන් පසුව ඇගේ මුහුන වෙනස් වන අතර රගපාන්නේ වෙනත් නිලියකි.උපෙක්ෂාගෙන් ගිලිහෙන එම චරිතය ලබාගන්නට තාරුන‍ය්‍යට හෙටක් දැන්වීම් මාලාවේ දක්ෂ නීරෑපනයන් වල යෙදුනු බොහෝ දෙනෙකු ඉව අල්ලමින් සිටින බවද එහෙන් මෙහෙන් ඇසේ.

අනෙක් කතාවට අනුව පබා නාට්‍යය කොහොමටත් අවසාන වීමට ඇත්තේ ලබන පෙබරවාරි මාසයේය.එය දන්නා උපෙක්ෂා දැන් ඉතින් කොහොමත් එකයි නොවේදැයි සිතා සරත් ෆොන්සේකා මහතාට සහය දීම පිලිබදව වූ කුකුස ඉවත් කර එක හිතින් චන්ද සටනට අවතීර්න වී ඇති බවයි.

මේ කතන්දර ඇත්ත හෝ බොරු වන්නට පුලුවන.එහෙත් එක කතාවක් පෑහැදිලිය.ඒ සෝමරත්න දිසනායකගේ සහ උපෙක්ෂා ස්වර්නමාලිගේ වෙනසක් නැති බවයි.දෙන්නාගේම රස්සාව කලාවය. දෙන්නාම සිය ජනප්‍රියතාව හරහා ලෑබුනු සිවිල් බලය භවිතා කරමින් අපට බලපෑමක් කරයි.ඒ බලයට පත් වූ පසු මෙන්ම දැනුදු තමන්ට වරප්‍රසාද ලෑබෙන සිය අපෙක්ෂකයා දිනවන ලෙසයි.අපට ඉන් ලැබෙන කිසිදු දෙයක් නෑත. දිනන්නේ ද රගපාන්නේද උන්ය.අප කරන්නේ නලු නිලියන්ගේ හා දේශපාලකයන්ගේ රගපෑම් වලට රෑවටීම පමනී.වෙනස වන්නේ කලින් කලට චරිත මාරුවීමයි.

පබා, ජෙනරාල්ගේ වේදිකාවේ දී ජනතාව අමතන අවස්ථාවක්

4 ප්‍රතිචාර:

gaya said...

ෆොන්සේකා එකග වූ ටී.එන්.ඒ. කොන්දේසි මෙන්න... දැනට සිරගත වී සිටින කොටි සංවිධානයේ ප්රබල ත්රස්තවාදී නායකයන් නිදහස් කර ගැනීම, ත්රස්තවාදීන්ගේ ඊළග සටනේ ඊළග අදියර සඳහා එම කණ්ඩායම් විදේශ රටවලට ලබා දීම, රජයේ බුද්ධි අංශ අඩු කිරීම, උතුර - නැගෙනහිර ඒකාබද්ධ කිරීම, එම පළාත් වල හමුදාව සහ පොලීසිය අඩු කිරීම, අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම

kuma said...

meki mona kala kariyak da? api nodanna live!

Anonymous said...

අර පලවෙනි comment එක දාපු හරකා දන්නේ නැත්ද මේ article එකේ කතා කරලා තියෙන්නේ පබා ගේ කතාන්දරේ කියලා..තැනකට ගැලපෙන විදියට හැසිරෙන්න මුන් දන්නේ නෑනේ..මේ වගේ එවුන්ගේ ගොන් වැඩ නිසා කමයි ජනාධිපතිතුමාගේ චන්ද කැඩෙන්නේ...

madura said...

පබා අමතනවද නැත්නම් අඹරනවද? :D අනේ ලංකාවේ කලාකාරයෝ

Post a Comment