සෝමේ සහ වැල සෝමේ


ජනාධිපතිවරනයෙන් පසු අපි ඇතැම් මාධ්‍ය මෙල්ල කරනවා...

කිරීම නොකිරීම ‍කෙසේ වෙතත් මෙවැනි කතාවක් කියන්නට මේ රටේ ජනාධිපතිවරයාට හැකියාවක් ඈත.ජනමාධ්‍ය ඈමතිවරයටද මෙවැනි ප්‍රකාශයක් කිරීමේ වගකීමක් හා බලයක් ඈත.

" ඔව් අපි ජනාධිපතිතුමාට කඩේ යනවායයි" විලි ලජ්ජාවක් නැතිව ප්‍රසිද්ධියේ කියන ළමයින් යොදා චිත්‍රපට හදන සෝමරත්න දිසානායකට මෙහෙම කතාවක් කියන්නට හැකිද? මේ කොයිතරම් බරපතල කතාවක්ද?
ඔහු මේ චන්ඩි කතාව කිව්වේ සිරසTV හි සටන දේශපාලන සාකච්චාවට සහභාගිවෙමිනි.
මේ රටේ කලා කරුවකුගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ට්මේ මේ ගොන් කතාව නිසා රජය බලවත් අපහසුතාවකට පත් වී ඈත.දැන් මෙවැනි කතා කිව්වද සිය චිත්‍රපටයක් පිලිබදව සාකච්වාකට කතා කල විට නම් ඔහු චැනල් ගනනේ රස්තියාදු වන හැටි ඔහුට අමතක වූවාට අපට මතකය. තමා හදන හෑම චිත්‍රපටයක්ම රජයේ බලධාරීන්ගේ අනුදැනුම මත අධ්‍යාපන අමාත‍්‍යංශයේ ලොක්කන් ලගට ගෙන ගොස් ඔවුන්ට සලකා ඉක්බතිව ඔහු කරන්නේ එම නිලධාරීන් හරහා පාසල්වල විදුහල්පතිවරුන්ට එම චිත්‍රපට බලන්නට යන ලෙස දරුවන්ට බලපෑම් කරවීමයි.නැතහොත් පාසල් දර්ශන සංවිධානය කරන ලෙස විදුහල්පතිවරැන්ට බලපෑම් කිරීමයි.නිර්මානශිල්පියෙකු ලෙස ඔහු කරන ඇතැම් නිර්මාන සෑබෑවින්ම සුන්දරය(එහෙත් ඇතැම් විට කරන්නේ ළමයින් යොදාගනිමින් වැඩිහිටියන්ට චිත්‍රපට හැදීමයි) .එහෙත් මෙවෑනි කූට වෑඩ කරමින් තමන්ගේ කුට්ටිය බා ගන්නා අතරේ මාධ්‍ය වලට සත්තම් දෑමීම හරක් වැඩකි.එය මේ රටේ මාධ්‍යය නිදහසට එල්ල කල බරපතල පහරකි.

මේ පිලිබදව සිරසTV හි News First වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පලාත්සභා මන්ත්‍රී සුජීව ‍සේනාසිංහ කිව්වේ සදාචාරය මුවාවෙන් මාධ්‍ය මෙල්ල කලයුතු බව පවසන සෝමරත්න කසාද 3 කරගෙන ඇති බවයි.එහෙව් සෝමරත්නට අපේ සංස්කෘතිය හා සාරධර්ම ගැන කතා කරන්නට අයිතියක් නැති බව ද ඔහු කීවේය.
එහෙත් අප විස්වාස කරන්නේ නම් මේ රටේ ගෑනු මිනිස්සුන්ට තම අභිමතය පරිදි පවතින නීතියට අනුව කසාද බදින්නට හේ දික්කසාද වන්නට හැකි විය යුතු බවයි.එහෙයින් සෝමේ ගෑනු කී දෙනෙක් එක්ක බුදියගත්තද රේනුකාට මෙන්ම අපටද කමක් නැත.වෙන එකක් තියා උන්ගේ ශිෂ්ණ හා යෝනි වලින් උන්ගේ අභිමතය පරිදි ආණ්ඩුවේ පෝස්ටර් ගහන්නට පාප්ප ඇනුව ද අපට කමක් නැත.එහෙත් ඒ පාප්ප වලින් අලවන පෝස්ටර් වල ලියාතිබෙන දේවල් වලින් මේ රටේ ජනමාධ්‍ය නිදහසට බලපෑමක් වේ නම් අප ඊට හඩක් නැගිය යුතු නොවේද?






පසු සටහන
අප කුඩා කල වැල සෝමේ නමින් හැදින් වූ හැඩිදැඩි නූගත් මිනිසෙක් අපේ ගමේ ජීවත් විය.වැසිකිලි වලවල් උතුරා යනවිට ඉසීම,කුනුවූ මිනී මල් ශාලාවට පැටවීම,කුලියට මිනී වලවල් කැපීම වැනි කටයුතු සිදුකලේ වෑල සොමේය.වරක් මම දන්නා කියන තරුනියකගේ මගුල් මුද්ද වෑසිකිලි වලේ වැටුනු විට වැල සෝමේ වෑසිකිලිවලට අත දමා එය රෑගෙන දුන් අතර අනතුරුව ඒ ගෙදර කුස්සියේ සිට බත් පිගනක් කෑ වැල සෝමේ නිවෙස් හිමියන් දුන් රුපියල් දහයද ගෙන ගෙන සතුටින් උරෑවම් බාමින් ගියේ පාරේ උන් පොඩි වුන් ද බය කරමිනි.

0 ප්‍රතිචාර:

Post a Comment