මේව නම් ගොන් වැඩ



චන්දය මේ වන විට මරාගෙන මැරෙන සටනක් බවට පත් වි ඇත.ප්‍රධාන අපෙක්ශකයන් දෙදෙනා සහ ඔවුන්ට සහයොගය දක්වන පක්ශ එකිනෙකට මඩ ගසා ගනිමින් දගලන්නේ අනිකා නොමරා මරා හො චන්දය දිනන්නටයි.ඔවුන් එක අතකට සාධරනය.තමුන් දිනු පසු සිත්සේ වංචා කල හැක.කොමිස් මුදල් ලබාගත හැක.පාලනය තමුන්ගෙ අතෙ නිසා තමුන්ගෙ උදවියට සැලකිය හැක.අන්තිම නරක ක්‍රමයට හො දිනුවොත් කල්ල මරේය.ඒ නිසා බලය වෙනුවෙන් ඔනෙම බලු වඩක් කිරීමට දේශපාලනයට පිවිසෙන අය සූදානම්ය.මේ එහි උච්ච අවස්තාවකි.
අනෙකා මරා දමා හො අනෙකා බල්ලාට අන්දවා හො චන්දය දිනිය යුතුය.අප මොන තරගයකදී වත් අනෙකාගේ මරන මංචකය දිහා බලා සතුටු වන්නෙ නැත.එහෙත් දැන් එයද සිදුවේ.මෙවා කවරැ කලත් අන්තිම ගොන් වැඩයි.මේ ඉන්නෙ උල තැබිය උතු අපාරාධ කරුවෙකු වුවත් කාගේ හො තාත්තා කෙනෙකි.මොන තරගයේ හිටියත් අනෙකාගෙ මරනය දෙස බලා ආතල් එකක ගන්නට තරම් අපේ සමාජය පිරිහී ඇත. මෙහි හොදම කතව එය නොවේ.මේ ගොන් වැඩ බොහොමයක කරන්නෙ දේශපාලනයෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලබන අපේ පන්තියේ හරක් වීමයි.හුදෙක් තමන්ගේ ආතල් එක වෙනුවෙන් දේශපාලන පක්ශ වෙනුවෙන් දර දිඅය අදින අපි අන්තිමට හදිසියකට අපට සිටින ලග පාත අසල් ‍වැසියන් සමගද උරන වීමට හෙතුවක් වන්නේ දේශපාලන මතිමතාන්තරයි.අපේ ගෙදර හදිසියකට මහින්ද හො ජෙනරාල් එන්නේ නැත.ලොකු වුන් ඔනේ දෙයක් කරගත්තාවේ.අපි අපේ ගොන් වැඩ නවත්තමුද?

1 ප්‍රතිචාර:

said...

කතාවනම් සහතික ඇත්ත. දෙන්නාගෙන් කවුරු දිනුවත් ලොකු වෙනසක් වෙන එකක් නැහැ ඒත් එතකොට අපිට වෙන්න තියෙන සේරම වෙලා

Post a Comment